18 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ නේපාලයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සංදීප් ලමිචේ​න් එරට අධිකරණයක් වසර අටක සිර දඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

සිර දඬුවමට එරෙහිව ඉහළ උසාවියේ අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතීඥවරයා ප්‍රකාශ කර ඇත.

23 හැවිරිදි සංදීප් ලමිචේ​න් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්හි ප්‍රමුඛ පෙළේ විස්සයි20 ලීගවලට සහභාගී වූ හිමාලයානු රටේ එකම ක්‍රීඩකයාද වේ.

2022 දී කත්මණ්ඩු හෝටලයකදී තරුණියක් දූෂණය කළ බවට ඔහුට චෝදනා එල්ල වූ අතර පොලිසිය ඔහුට වරෙන්​තු නිකුත් කිරීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔහු ඇප මත නිදහස් විය. අනතුරුව ජාත්‍යන්තර තරඟාවලි සඳහා තරඟ කිරීමට නැවත සංචිතයට ද ඇතුළත් විය.

නැවත නැවතත් ප්‍රමාද වූ නඩු විභාගයකින් පසු පසුගිය මාසයේ සංදීප් ලමිචේ​න් ස්ත්‍රී දූෂණයට වැරදිකරු බව අධිකරණය තීන්දු කලේය.
ඔහුගේ නීතීඥවරයා දඬුවම් නියම කිරීමට පෙර කියා සිටියේ ලැමිචනේ ඔහුට එල්ල වූ චෝදනාවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

කත්මණ්ඩු දිස්ත්‍රික් උසාවියේ නිලධාරි චන්ද්‍ර ප්‍රසාද් පාන්ති පැවසුවේ ලමිචනේ දඩයක් ලෙස ඩොලර් 3,770 ක් පමණ ගෙවිය යුතු බවත් වින්දිතයාට වෙනම වන්දියක් ගෙවිය යුතු බවත්ය.

“අධිකරණයේ තීන්දුව ගැන අපට ගැටළු තිබෙනවා… අධිකරණය විසි​න් සංදීප් ලමිචේ​න් වැරදිකරුවෙකු බව ප්‍රකාශ කර තිබෙනවා. යුක්තිය සඳහා සන්දී ඉහළ උසාවියට ​​යනු ඇති.” යනුවෙ​න් නීතිඥ සරෝජ් ගිමිරේ බදාදා රොයිටර් පුවත් ඒජන්සියට පවසා ඇත.