2024 Oscars සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය සඳහා ඉන්දියාව වෙනුවෙන් Vikrant Massey රංගනයෙන් දායක වූ 12th Fail හින්දි චිත්‍රපටය සහ Tovino Thomas රංගනයෙන් දායක වූ 2018 මලයාලම් චිත්‍රපටය ඉදිරිපත් කර තිබූ අතර, 12th Fail සඳහා ඉහළ බලාපොරොත්තුවක් තබා තිබුණා. නමුත්, එම බලාපොරොත්තු සුන් කරමින් එම චිත්‍රපට 2ම සම්මානය සඳහා නිර්දේශ වී තිබුණේ නැහැ.

නමුත්, ඉන්දියානු අධ්‍යක්ෂකවරියක වන Nisha Pahuja විසින් අධ්‍යක්ෂණය කළ Kill a Tiger වාර්තා චිත්‍රපටය, හොඳම වාර්තා චිත්‍රපටය (Best documentary feature) සඳහා වන නාම යෝජනා සඳහා නිර්දේශ වී තිබෙනවා. සිය 13 හැවිරිදි දියණිය කාමාතුරයින් තිදෙනෙකු විසින් පැහැරගෙන ගොස් දූෂණය කිරීමට එරෙහිව යුක්තිය උදෙසා සටන් වැදුණු “රන්ජීත්“ නම් පියෙකුගේ කතාව ඇතුළත් මෙම වාර්තා චිත්‍රපටය Cornelia Principe සහ David Oppenheim ගේ නිෂ්පාදනයක්.