බොලිවුඩ් සිනමාවේ මහා මංගල්‍යයනොඑසේනම්, හින්දි සිනමාවේ ප්‍රධානතම සම්මාන උළෙල ලෙස හැදින්වෙන Filmfare සම්මාන උළෙල 69 වැනි වරට 27,28 සති අන්තයේ දී ගුජරාටයේ Gandhinagarහි දී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. 2023 වසරේ නිකුත් වූ හින්දි චිත්‍රපට සඳහා තාක්ෂණික සම්මාන පිරිනැමීම 27 දින සිදුවූ අතර, ප්‍රධාන සම්මාන පිරිනැමීම 28 දින සිදු කෙරුණා. Animal චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය Best Actor in a Leading Role (Male)  Ranbir Kapoor විසින් දිනාගන්නා ලද අතර මේ ඔහු විසින් Filmfare හොඳම නළුවා සම්මානය දිනාගත් 4වන අවස්ථාව වනවා. පිට පිටම දෙවැනි වරටත් හොඳම නිලිය සම්මානය Best Actor in a Leading Role (Female) දිනාගැනීමට Alia Bhatt සමත් වුණේ Rocky Aur Rani Kii Prem Kahaani චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. ඇය විසින් Filmfare හොඳම නිලිය සම්මානය දිනාගත් 5වන අවස්ථාව ලෙසයි මෙය සඳහන් වන්නේ. ඒ අනුව, Nutan සහ Kajol සමගින් වැඩිම වාරගණනක් Filmfare හොඳම නිලිය සම්මානයට හිමිකම් කියූවන් අතර සමතැන හිමිකරගැනීමටද Alia සමත් වුණා.

මෙවර Filmfare සම්මාන උළෙලේ වැඩි ගෞරව හිමි වුණේ Vidhu Vinod Chopra විසින් අධ්‍යක්ෂණය කරන ලද 12th Fail සහ Sandeep Reddy Vanga අධ්‍යක්ෂණය කරන ලද Animal චිත්‍රපට සඳහායි. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා (විචාරක) (Vikrant Massey) ඇතුළුව සම්මාන 5ක් 12th Fail චිත්‍රපටයට හිමි වූ අතර, හොඳම නළුවා, හොඳම පසුබිම් ගායනය (පිරිමි), හොඳම සංගීත ඇල්බමය ඇතුළු සම්මාන 5ක් Animal චිත්රපටය විසින් හිමි කර ගත්තා. Karan Johar විසින් අධ්‍යක්ෂණය කරන ලද Rocky Aur Rani Ki Prem Kahaani චිත්‍රපටයද හොඳම නිළිය, හොඳම සහාය නිළිය (Shabana Azmi) යන සම්මාන ඇතුළුව සම්මාන 4ක් හිමිකර ගැනීමට සමත් වුණා. 2023 වසරේ බොලිවුඩ් සිනමාවට වැඩිම ආදායම ලබාදුන් ශාරුක් ඛාන් රඟපෑ Jawaan චිත්‍රපටය වැඩි නිර්දේශ ගණනකට හිමිකම් කීවද, ප්‍රධාන සම්මාන උළෙලේ දී එක් සම්මානයක් හෝ ලබා ගැනීමට නොහැකි වීම කැපී පෙණුනු අතර, Jawaan චිත්‍රපටයට හිමි වූයේ හොඳම ක්‍රියාදාම චිත්‍රපටය (Best Action), හොඳම දෘෂ්‍ය ප්‍රයෝග  (Best VFX) සඳහා වන තාක්ෂණීක සම්මාන පමණයි. සම්මාන බොහොමයක් සඳහා නිර්දේශ වී තිබුණද Pathaan, මෙන්ම Dunki යන චිත්‍රපටවලටද සිදුවූයේ එක් සම්මානය බැගින් ලබා ගනිමින් සෑහීමට පත්වීමටයි. ඒ අනුව,  Pathaan චිත්‍රපටයේ Beshsram Rang ගීතය සඳහා හොඳම පසුබිම් ගායනය (කාන්තා) ට හිමි සම්මානය  Shilpa Rao විසින් හිමිකරගත් අතර, Dunki චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නළුවා ට හිමි සම්මානය Vicky Kaushal විසින් දිනාගනු ලැබුවා.

පසුගිය වසරේ වැඩි කතාබහකට ලක් වූ OMG 2 චිත්‍රපටයටද හිමි වූයේ හොඳම කතාවට හිමි සම්මානය (Best Story) පමණයි. Sam Bahadur චිත්‍රපටයටද ප්‍රධාන සම්මාන කිසිවක් හිමි නොවූ අතර, හොඳම නිෂ්පාදන නිර්මාණකරණය (Best Production Design), හොඳම ඇඳුම් නිර්මාණය (Best Costume Design) සහ හොඳම ශබ්ද නිර්මාණය (Best Sound Design) ට හිමි තාක්ෂණික සම්මාන ත්‍රිත්වයෙන් සෑහීමට පත් වීමට සිදු වුණා. ඉහළ අදායමක් හිමිකර ගත් Gadar 2 චිත්රපටය සම්මාන කිහිපයකට නිර්දේශ වී තිබුණද ඉන් එකදු හෝ සම්මානයක් දිනාගැනීමට සමත් නොවූ අතර, වැඩි ප්‍රේක්ෂක හා විචාරක අවධානයක් දිනාගත් The Kerala Story චිත්‍රපටය නිර්දේශිත නාම අතර හෝ නොවීම කැපී පෙණුනා. ඉකුත් වසරේ තිරගතවූ චිත්‍රපට අතරින් ඉහළ විචාරක අවධානයක් හිමි කරගත් තවත් චිත්‍රපට ද්විත්වයක් වූ  වූ Three of Us සහ Joram චිත්‍රපට සඳහා ද සම්මාන 2 බැගින් හිමිව තිබුණා. Three of Us වෙනුවෙන් හොඳම නිළීය (විචාරක) සම්මානය Shefali Shah හිමි කරගත් අතර, හොඳම සිනමාකරණයට හිමි සම්මානය Avinash Arun Dhaware හිමි කරගත්තා. Joram චිත්‍රපටය සඳහා හොඳම චිත්‍රපටයට හිමි විචාරක සම්මානය සහ හොඳම කතාවට හිමි (සම) සම්මානය හිමි වුණා. හොඳම නවක නළුවා ලෙස Faraaz චිත්‍රපටයේ රඟපෑ Aditya Rawal සම්මාන හිමිකරගගත් අතර,Farrey චිත්‍රපටය වෙනුවෙන් Alizeh Agnihotri හොඳම නවක නිළියට හිමි සම්මානය හිමිකරගනු ලැබුවා. සිනමාවට සිදු කරන ලද මෙහෙය වෙනුවෙන් යාවජීව සම්මානය පිරිනැමුණේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ David Dhawan හටයි.

බොලිවුඩ් තරු පිරිවරා පැවති 69වැනි Hyundai Filmfare සම්මාන උළෙල Karan Johar, Ayushmann Khurrana සහ Maneish Paul විසින් මෙහෙයවන ලද අතර, Kareena Kapoor, Karisma Kapoor, Varun Dhawan, සහ Kartik Aaryan ඇතුළු බොලිවුඩ් තරු රැසක් නර්තනාංග ඉදිරිපත් කරමින් රාත්රිය වර්ණවත් කළා.

සම්පූර්ණ ජයග්‍රහකයින් ලැයිස්තුව පහළින්

හොඳම චිත්‍රපටය BEST FILM

12TH FAIL

හොඳම අධ්‍යක්ෂණය BEST DIRECTOR

VIDHU VINOD CHOPRA (12TH FAIL)

හොඳම චිත්‍රපටය (විචාරක) BEST FILM CRITICS’

JORAM (DEVASHISH MAKHIJA)

හොඳම නළුවා BEST ACTOR IN A LEADING ROLE (MALE)

RANBIR KAPOOR (ANIMAL)

හොඳම නළුවා  (විචාරක) BEST ACTOR CRITICS’

VIKRANT MASSEY (12TH FAIL)

හොඳම නිලිය BEST ACTOR IN A LEADING ROLE (FEMALE)

ALIA BHATT (ROCKY AUR RANI KII PREM KAHAANI)

හොඳම නිළීය  (විචාරක) BEST ACTRESS CRITICS’

RANI MUKERJI (MRS. CHATTERJEE VS. NORWAY)

SHEFALI SHAH (THREE OF US)

හොඳම සහාය නළුවා  BEST ACTOR IN A SUPPORTING ROLE (MALE)

VICKY KAUSHAL (DUNKI)

හොඳම සහාය නිලිය  BEST ACTOR IN A SUPPORTING ROLE (FEMALE)

SHABANA AZMI (ROCKY AUR RANI KII PREM KAHAANI)

හොඳම ගී පද  BEST LYRICS

AMITABH BHATTACHARYA (TERE VAASTE – ZARA HATKE ZARA BACHKE)

හොඳම ගීත ඇල්බමය  BEST MUSIC ALBUM

ANIMAL (PRITAM, VISHAL MISHRA, MANAN BHARDWAJ, SHREYAS PURANIK, JAANI, BHUPINDER BABBAL, ASHIM KEMSON, HARSHWARDHAN RAMESHWAR, GURINDER SEAGAL)

හොඳම පසුබිම් ගායනය (පිරිමි)  BEST PLAYBACK SINGER (MALE)

BHUPINDER BABBAL (ARJAN VAILLY – ANIMAL)

හොඳම පසුබිම් ගායනය (කාන්තා)  BEST PLAYBACK SINGER (FEMALE)

SHILPA RAO (BESHARAM RANG – PATHAAN)

හොඳම කතාව  BEST STORY

AMIT RAI (OMG 2)

DEVASHISH MAKHIJA (JORAM)

හොඳම තිරරචනය  BEST SCREENPLAY

VIDHU VINOD CHOPRA (12TH FAIL)

හොඳම දෙබස්  BEST DIALOGUE

ISHITA MOITRA (ROCKY AUR RANI KII PREM KAHAANI)

හොඳම පසුබිම් සංගීතය  BEST BACKGROUND SCORE

HARSHAVARDHAN RAMESHWAR (ANIMAL)

හොඳම සිනමාකරණය  BEST CINEMATOGRAPHY

AVINASH ARUN DHAWARE (THREE OF US)

හොඳම නිෂෟපාදන නිර්මාණකරණය  BEST PRODUCTION DESIGN

SUBRATA CHAKRABORTY, AMIT RAY (SAM BAHADUR)

හොඳම ඇඳුම් නිර්මාණය  BEST COSTUME DESIGN

SACHIN LOVELEKAR, DIVVYA GAMBHIR, NIDHHI GAMBHIR (SAM BAHADUR)

හොඳම ශබ්ද නිර්මාණය  BEST SOUND DESIGN

KUNAL SHARMA (MPSE) (SAM BAHADUR) SYNC CINEMA (ANIMAL)

හොඳම සංස්කරණය  BEST EDITING

JASKUNWAR SINGH KOHLI- VIDHU VINOD CHOPRA (12TH FAIL)

හොඳම ක්‍රියාදාම  BEST ACTION

SPIRO RAZATOS, ANL ARASU, CRAIG MACRAE, YANNICK BEN, KECHA KHAMPHAKDEE, SUNIL RODRIGUES (JAWAN)

හොඳම දෘශ්‍ය ප්‍රයෝග  BEST VFX

RED CHILLIES VFX (JAWAN)

හොඳම නර්තන නිර්මාණය BEST CHOREOGRAPHY

GANESH ACHARYA (WHAT JHUMKA?- ROCKY AUR RANI KII PREM KAHAANI )

හොඳම කුළුඳුල් අධ්‍යක්ෂණය  BEST DEBUT DIRECTOR

TARUN DUDEJA (DHAK DHAK)

හොඳම නවක නළුවා BEST DEBUT MALE

ADITYA RAWAL (FARAAZ)

හොඳම නවක නිළීය BEST DEBUT FEMALE

ALIZEH AGNIHOTRI (FARREY)

යාවජීව සම්මානය

LIFETIME ACHIEVEMENT AWARD

DAVID DHAWAN

  – උමේෂ් ද සිල්වා