වසර 3 කින් වැටුප් වැඩි නොකිරීම සහ කළමනාකාරීත්වයේ නිද්‍රාශීලි පිළිවෙතට එරෙහිව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයින් අද (27) සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව රත්මලාන ගබඩාව හා ප්‍රධාන කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලය උදෑසන 8 සිට සියලුම සේවා වලින් ඉවත්වන බව දැනුම්දුන් අතර රාජ්‍ය ඔසුසැල් ඉදිරිපිට දහවල් 12 සිට පැයක කාලයක් විරෝධතාද සංවිධාන කර තිබෙන බවයි එහි ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව ප්‍රකාශ කළේ.
දීප ව්‍යාප්තව පවතින රාජ්‍ය ඔසුසැල් සංඛ්‍යාව 50 ක්.