ලොව පුරා හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරණු ලබන මහ ශිව රාත්‍රී දිනය අද (08) ට යෙදී ඇත.

ශිව දෙවියන් සම්බන්ධයෙන් වූ ආගමික වාතාවත්වලට මුල් තැන දෙමින් හින්දු බැතිමතුන් අද දිනයේ කටයුතු කරන අත​ර හින්දු දහමේ සඳහන් වන ආකාරයට ලොව බලවත්ම දෙවියා ලෙස සැලකෙන ශිව දෙවියන් තම බල පරාක්‍රමය ලොවට විදහා දැක්වූ දිනය වන්නේ මහ ශිව රාත්‍රී දිනයයි.

එම දෙවියන් සිහිපත් කරමින් පුෂ්ප උපහාර දක්වමින් ආගමික වතාවත් කිරීම අද රාත්‍රියේ දී සිදුකරනු ලබයි