චීන ජනපති ෂී ජින් පිංග් වසර පහකට පසුව පළමු වතාවට යුරෝපයේ සංචාරයක නිරත වීමට සූදානම් බව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

යුරෝපය සහ චීනය අතර හිත හොඳ පළුදු වෙමින් පවතින මොහොතක මෙම චීන ජනපතිවරයාගේ යුරෝපා සංචාරය එළඹෙන 05 වැනි දා සිට 10 වැනි දා දක්වා කාලය තුළ ක්‍රියාත්මක කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

යුරෝපය සහ චීනය අතර පවතින මෙම මතභේදයට ප්‍රධානම හේතුව යුක්‍රේන යුද්ධය වන අතර යුක්‍රේනයට සහාය පළ කරන යුරෝපය චීනයට චෝදනා කරන්නේ, එම යුද්ධයේ දී චීනය සිය සමීපතමයෙකු වන රුසියාවට ආයුධ සපයන බවටයි.

කෙසේ වෙතත් චීන ජනාධිපති ෂී ජින්පිං සිය යුරෝපා සංචාරයේ දී ප්‍රංශය, සර්බියාව සහ හංගේරියාව යන රාජ්‍යන් වෙත සංචාර සිදු කරනු ඇතැයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.