බුද්ධ සාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන අසභ්‍ය වචන ඇතුළත් ගීතයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අසභ්‍ය ගීත නිර්මාණය කර සමාජ ගතකරන පුද්ගලයන් පිළිබඳ සොයා බලන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් බවයි, අමාත්‍යංශය ලේකම්වරයා සඳහන් කළේ.

මේ අතර ගීත වෙනස් කර විකෘති කර ගායනා කිරීම සාමාන්‍ය දෙයක් බව මීට පෙර නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා ප්‍රකාශ කළ අතර  ඔහු මේ බව කියා සිටියේ, සූර්ය මංගලය ගීතය විකෘති කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම පොලිසිය කටයුතු කළ ආකාරය විවේචනය කරමින්.

එහි දී නීතිඥවරයා පෙන්වා දුන්නේ, උපහාසාත්මක සහ හාස්‍යමය අරමුණු උදෙසා කරන මෙම ගී වෙනස්කිරීම් අත්අඩංගුවට ගැනීමට මෙරට අන්තවාදී රාජ්‍යයක් නොවන බවයි.