ඉතා දීර්ඝ කාලයක් සිංගප්පුරුව පාලනය කළ අග්‍රාමාත්‍ය “Lee Hsien Loong” සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. ඒත් සමගම එරට දේශපාලනයේ එක් පරිච්ඡේදයක් නිමාවට පත්වන බව එරට සහ විදෙස් දේශපාලන විචාරකයන් අදහස් පලකරයි.

වසර විස්සක් සිංගප්පුරුව පාලනය කිරීමෙන් අනතුරුව ලී සිය බලතල අද රාත්‍රියේ එරට නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලෝරන්ස් වොන්ග්ට භාරදීමට නියමිතව ඇත.

Singapore's Minister of Finance and Deputy Prime Minister Lawrence Wong attends the G20 Finance Ministers Meeting in Nusa Dua, Bali, Indonesia July 16, 2022. Sonny Tumbelaka/Pool via REUTERS/File Photo

Singapore’s Minister of Finance and Deputy Prime Minister Lawrence Wong attends the G20 Finance Ministers Meeting in Nusa Dua, Bali, Indonesia July 16, 2022. Sonny Tumbelaka/Pool via REUTERS/File Photo

සිංගප්පුරුව නිදහස් දේශයක් බවට පත්වූයේ 1965 දී වන අතර එතැන් සිට මේ දක්වා වූ වසර 59ට එරට පාලනය කර ඇත්තේ අගමැතිවරු තිදෙනෙක් පමණි. ඔවුන් තිදෙනාම මහජන ක්‍රියාකාරී පක්ෂ සාමාජිකයින් වේ.

එරට පළමු අගමැති වූයේ ලී ක්වාන් යූ ය. ඔහු වර්තමාන අගමැතිවරයාගේ පියා වන අතර සිංගප්පුරුව වසර 25 පාලනය කළ ඔහු සැලකෙන්නේ නූතන සිංගප්පුරුවේ නිර්මාතෘවරයා ලෙසටයි.

දේශපාලන විචාරකයින් පවසන්නේ මෙම බල හුවමාරුවත් සමගම එරට දේශපාලන නායකත්වය “ලී පවුලේ” සෙවනැල්ලෙන් මිදීමක් ලෙස දැක්විය හැකි බවයි.

එහෙත් වර්තමාන අගමැතිවරයා එරට කැබිනට් මණ්ඩලයේ ඡ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කිරීමට නියමිත අතර අග්‍රාමාත්‍යවරයා ලෙස සිය අවසන් මාධ්‍ය හමුවට සති අන්තයේ මුහුණදුන් ලී, තමාට දුන් සහාය සම්බන්ධයෙන් සිංගප්පුරු වැසියන්ට සිය ප්‍රණාමය පුද කළේය.

“මම අන් සියලුදෙනාට වඩා වේගයෙන් දුවන්න උත්සාහ කළේ නෑ. මම උත්සාහ කළේ සියලුදෙනාම මමත් එක්ක දුවන තත්ත්වයට ගෙන ඒමට…මම හිතන්නේ අපි ටිකක් සාර්ථක වුණා…” යනුවෙන් ඔහු එහිදි කියා සිටියේය.