මෙරටින් වාර්තා වන අධිරුධිර පීඩන සහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරිල් බාලසිංහ මහත්මිය පැවසුවා.

මේ සම්බන්ධව දිවයිනේ සෑම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වයස අවුරුදු 18ත් 69ත් අතර පුද්ගලයින්ගෙන් පසුගිය දිනවල සමීක්ෂණයක් සිදුකළා.

එහිදි අධිරුධිර පීඩන සහිත රෝගින් සියයට 35ක් වාර්තා වු බව එම සමීක්ෂණ වලදි අනාවරණය වූ බව විශේෂඥ වෛද්‍ය ශෙරිල් බාලසිංහ මහත්මිය වැඩිදුරටත් සදහන් කළා.