බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ලබාගත් ශ්‍රී ලාංකිකයෙකු වන එලංගෝ එලවලකන් බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් නගරයේ නගරාධිපති ධූරයට තේරී පත්ව තිබෙනවා.

කම්කරු පක්ෂය නියෝජනය කරමින් එම නගර සභා වාර්ෂික රැස්වීමේදී පැවැති ඡන්ද විමසීමේදී නගරාධිපති ලෙස ඔහු තෝරා පත්කරගත් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එලංගෝ එලවලකන් ඉප්ස්විච් නගරාධිපති ලෙස පත්වූ ප්‍රථම හින්දු ජාතිකයා ද වේ.

පැවැති ඡන්ද විමසීමේදී ඔහුගේ නම යෝජනා කර ඇත්තේ ඉප්ස්විච් නගර සභාවේ ප්‍රධානී නීල් මැක්ඩොනල්ඩ් විසින්.

එලංගෝ 2014 වසරේ දී ශාන්ත ජෝන්හි කම්කරු මන්ත්‍රීවරයෙකු බවටද පත්වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පැවැති යුද සමයේදී ඔහු මෙරට අතරහැර ඉන්දියාව , උගන්ඩාව සහ රුවන්ඩාව යන රටවලට ගොස් සේවය කර ඇති බවත් අනතුරුව 2006 වසරේදී බ්‍රිතාන්‍යයට පැමිණි ඔහු ඉප්ස්විච් නගරයේ පදිංචි ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි