විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර පැවැත්වීමට නියමිත විවාදය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස හට ලිපියක් යොමු කර ඇත.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් යොමුකර ඇති එම ලිපියෙහි දැක්වෙන්නේ පක්ෂ දෙකෙහි ආර්ථික කමිටු අතර විවාදය 2024 මැයි 27 සිට මැයි 31 අතර දිනයකදීත්, පක්ෂ දෙකෙහි නායකයින් අතර විවාදය 2024 ජූනි 03 සහ ජූනි 07 අතර දිනයකදීත් පැවැත්වීමට යෝජනා කරන බවයි.

ජාතික ජන බලවේගය මීට පෙර ප්‍රකාශ කර සිටියේ අදාළ විවාදයන් මැයි 20 (හෙට) දිනයට පෙර පැවැත්විය යුතු බවයි.