වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් මැයි 23 සිට 24 දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබීමට ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙවර රාජ්ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්රික්කයේ පැවැත්වෙන බැවින් මාතලේ නගර සීමාව තුළ පවතින සියලුම බලපත්රලත් සුරාසැල් මැයි 21 හා 22 දිනවලත් වසා තැබීමට දැනුම් දී තිබෙනවා.