යාපනයේ තෙලිප්පලෙයි ආපන ශාලා හිමියෙකු ගවමස් වෙනුවට බලු මස් අලෙවි කොට අති බවට ඇති වී තිබෙන සැකයක් මත මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා එම ආපනශාලා හිමිකරුට රුපියල් 65000 ක දඩයක් නියම කොට තිබෙනවා.

යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු රාත්‍රී ආහාරයට මෙම ආපන ශාලාවෙන් රුපියල් 500කට ගවමස් පීරිසියක් ලබා ගෙන තිබෙනවා

ඔහු එම මස් නිවසට රැගෙන ගොස් ආහාරයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී මස් කබලි දෙකක බල්ලෙකුගේ ලෝම වලට සමාන ලෝම පිරුණු මස් කබලි දෙකක් තිබී ඇති බව වාර්තා වේ

ඒ අවස්ථාවේදිම ආහාර ගැනීම නවතා රාත්‍රියේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සොයා ගොස් ඔහුට මස් සාම්පලය ඉදිරිපත් කොට තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තවත් නිලධාරීන් පිරිසක් සමග අදාල ආපන ශාලාව වෙත ගොස් එය පරීක්ෂා කිරීමේදී එහි අලෙවි කිරීමට තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ මස් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මස් සාම්පල් අත්අඩංගුවට ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම ආපනශාලා හිමියා පසු දින අධිකරණයට ඉදිරිපත් කොට තිබෙනවා.

කෙසේ නමුත් ආපනශාලාවේදී ගව මස් වෙනුවට අලෙවි කලේ බලු මස් බවට යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියා විසින් කරන ලද ප්‍රකාශය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ආපන ශාලාව වසා දමන ලෙස තෙලිප්පලෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට 20 දා නියෝග කොට ඇති අතර අධිකරණයට ඉදිරිපත් කොට තිබූ මස් සාම්පලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඒ සම්බන්ධයෙන් වාර්තවක් හැකි ඉක්මනින් ලබා ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එම වාර්තාව ලැබීමෙන් පසුව මේ සම්බන්ධයෙන් නඩු විභාගයක් සිදු කරණ බවද දන්වා සිටියා.

එම වාර්තාව ලැබෙන තුරු ආපනශාලාව වසා දැමීමට නියෝග කොට ඇති මහේස්ත්‍රාත්වරයා එම වාර්තව ලැබීමෙන් පසුව ආපන ශාලා හිමියාට එරෙහිව නඩුවක් පවත්වා ගෙන යාමටද තීන්දු කොට ඇති බව වැඩිදුරටත් වාර්තා වේ