ඊයේ (20දා) තායිලන්තයේ බැංකොක් අගනුවර දී ආරම්භ වූ ප්‍රථම ආසියානු සහාය දිවීමේ තරගාවලියේ රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම සමත් වුණා.

සයුරී මෙන්ඩිස්, නදීෂා රාමනායක, අරුණ දර්ශන සහ ලක්ෂාන් කොඩිකාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායමට අයත්.

රිදී පදක්කම දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සටහන් කළ තරග නිමි කාලය මිනිත්තු 3.17.0 කි.

මිනිත්තු 3.14.12 කින් නිමා කළ ඉන්දියාවට රන් පදක්කම හිමි වූ අතර ලෝකඩ පදක්කම මිනිත්තු 3.18.48 අවසන් කළ වියට්නාමය සතු විය.

මෙවර තරගාවලියේ දෙවන හා අවසාන දිනය වන අද (21) සවස පිරිමි මීටර් 100 X 4, කාන්තා මීටර් 100 X 4, පිරිමි මීටර් 400 X 4, සහ කාන්තා මීටර් 400 X 4 සහාය දිවීමේ තරග ඉසව්වලට ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිතයි.