ඉන්දියාවට බලපා තිබෙන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇතිවූ හදිසි රෝගී තත්වයක් මත ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහල් ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාම සහ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පෙරේදා (21) පැවැති තරඟය නැරඹීම සඳහා ෂාරුක් ඛාන් අහමාදාබාද් නගරය වෙත පැමිණ ඇති අතර එහිදී ප්‍රීති ඝෝෂා නගමින් අධික ලෙස වෙහෙස වීම හේතුවෙන් ඔහුට විජලන තත්වයක් ඇති වී ශරීර උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.
Shah Rukh Khan Universe Fan Club (@SRKUniverse) / X

එම අවස්ථාවෙදී එකී රෝගී තත්වය හේතුවෙන් ඔහුව අහමදාබාද්හි කේ.ඩී රෝහල වෙත ඇතුළත් කර ඇති ඇති අතර ගෞරි ඛාන්, බොලිවුඩ් සුපිරි නිළි ජුහී චව්ලා සහ ඇයගේ සැමියාද ශාරුක්ගේ සුව දුක් විමසීමට වහාම කේ.ඩී රෝහල වෙත පැමිණ ඇත.

කෙසේ නමුත් ෂාරුක්ගේ වත්මන් සෞඛ්‍ය තත්වය පිළිබඳ රසිකයන් දැනුවත් කරමින් බොලිවුඩ් සුපිරි නිළි ජුහී චව්ලා ප්‍රකාශ කර සිටියේ ෂාරුක් ඛාන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින අතර කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාම සහභාගී වන අවසන් තරඟය නැරඹීමට පැමිණීමට ඔහුට හැකියාව ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.