පොළොන්නරුව පූජා නගරයේ පිහිටා ඇති මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 1153 සිට 1186 දක්වා කාලය තුළදී ඉදිකළ බවට සැළකෙන දෙමළ මහා සෑය   පරිශ්‍රය අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව ජනතාව පවසනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව 2014 වර්ෂයේ සිට 2019 දක්වා කාලය තුළ දෙමළ මහා සෑයේ කැණීම් කටයුතු ක්‍රියාත්මක කළද එය සම්පූර්ණ කිරීමට නොහැකි වී කැණීම් කටයුතු අතරමග නවතා දමා තිබෙනවා.

දෙමළ මහා සෑයේ ප්‍රතිසංස්කරණ හා කැණීම් කටයුතු අතරමැද නවතා දැමීම මෙම අනාරක්ෂිත තත්ත්වයට හේතුවී ඇති බව සදහන්

ඔවුන් පෙන්වා දෙන්නේ, මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද කිසිදු ප්‍රතිඵලයක් ලැබී නැති බවයි.