ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය කළමනාකාර ගෝබිනාත් සිවරාජා ඊයේ (27) අළුයම  කටුනායක ගුවන් තොටුපළ ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පවතින විදෙස් ගමන් තහනම නොතකා රටින් පලා යාමට උත්සාහ කිරීමේදි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ලබන ජූනි 05වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කර තිබෙනවා

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය කළමනාකාර ගෝබිනාත් සිවරාජා දැනට විමර්ශනය කෙරෙන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට අදාල වංචා නඩුවකට සම්බන්ධ පුද්ගලයින් රැසක් අතර සිටින ප්‍රධාන සැකකරුවෙක් බව සදහන්