නාගදීපය සහ ඩෙල්ෆ්ට් යන දූපත්වල  බෝට්ටු ගමන් කිරීම අද සිට නවතා දමා තිබෙනවා .

එම ප්‍රදේශයේ පවතින අධික සුළං සහිත අයහපත් කාලගුණය නිසා  මෙම පියවර ගත් බව යාපනය දිසාපති කාර්යාලය පවසනවා.

කෙසේ වෙතත් එම දූපත්වල වෙසෙන ජනතාවගේ හදිසි අවශ්‍යතා සඳහා නාවික හමුදාවේ අධිවේගී හා ආරක්ෂිත බෝට්ටු ප්‍රයෝජනයට ගැනීමටත් ආපදා අවස්ථාවකදී නාවික හමුදාවේ සහය ලබා ගැනීමටත් කටයුතු කරන බව ‍යාපනය දිසාපති කාර්‍යාලය පවසයි .

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා බෝට්ටු සේවා ක්‍රියාත්මක කිරීමට අසීරු බැවින් නාගදීපය සහ ඩෙල්ෆ්ට් වැනි ප්‍රදේශවල සංචාරය කිරීමට යාපනයට නොපැමිණෙන ලෙස දිසාපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.