ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්ද පවසයි. කිලිනොච්චි ප්‍රදේශයේ තිබු රැස්වීමකට සහභාගි වු අවස්ථා​වේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙ බව පැවසීය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මැතිවරණය පවත්ව​න බවට ප්‍රකාශ කර ඇති නමුත් තමන් මේ දක්වා තරග කරන බවට ප්‍රකාශ කර නොමැති බව ඔහු අවධාරණය කරමින් කියා සිටියේය.

පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් එහි දී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලබා දෙමින් ඩග්ලස් දේවනන්ද කියා සිටියේ, ජනාධිපතිවරණයෙන් අනතුරුව සෙසු මැතිවරණ පැවැත්වෙනු ඇති බවයි.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන ආයතන මැතිවරණ පිළිවෙලින් පැවැත්වෙනු ඇත.