අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ පවතින ගංවතුර තත්ත්වය පහළ ප්‍රදේශවලදී තවදුරටත් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බැවින් ඒ ආශ්‍රිත පහත් බිම් සඳහා නිකුත් කර තිබූ ගංවතුර රතු අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කර ඇත.

ඒ අනුව ගම්පහ, ජාඇල, කටාන, වත්තල සහ මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

එසේම එම ප්‍රදේශ ආශ්‍රිත මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී දැඩි සැලකිලිමත් බවින් කටයුතු කරන ලෙසට රියදුරන්ගෙන්ද ඉල්ලා සිටියි.