මහනුවර – දිගන මාර්ගයේ කෙන්ගල්ල ප්‍රදේශයේදී දිරාගිය ගසක් කඩාවැටිමෙන් පස්දෙනෙක් තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

අද උදැසන 6.00 පමණ මහනුවර – දිගන මාර්ගයේ කෙන්ගල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබු දිරාගිය සියඔලා ගසක් හිටි හැටියේම මාර්ගයට ඇදවැටීණී

ඒ මොහොතේ ඇද වැටෙමින් තිබූ විශාල ගස දුටු   එම මාර්ගයේ ගමන් කරමින් තිබූ පාසල් ළමුන් ප්‍රවාහනය ක​ළ වෑන් රථයේ රියදුරුට රිය පාලනය කරගැනීමට නොහැකිව  මාර්ග​ය අසල තිබු පැති බැම්මක හා දුරකථන කුලුනක හැපී තිබේ.

එම අවස්ථාවේ වෑන්රථයේ පාසල් ළමුන් තිදෙනෙක් හා ගුරුවරියන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙක් ගමන් කරමින් සිටි අතර එහිදී රියදුරා ට බරපතළ තුවාල සිදුව තිබුණු අතර ළමුන් තිදෙනා සහා ගුරුවරියන්ද  ඉක්මනින් ප්‍රතිකා​ර සදහා රෝහල් ගතකර තිබුණි

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වෙයි.

එම දිරාගිය ගස ඉවත්කරදෙන ලෙස අදාළ ඉඩමේ හිමිකරුට හා රාජ්‍ය ආයතන කිහිපයකට දන්වා තිබුණත් ඒ කිසිවෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව අසල්වාසින් පැවසීය.