මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලීමා ගුවන් අනතුරකින් මියගොස් ඇත.
මලාවි රාජ්‍යයේ චිකන්ගාවා නම් වනාන්තරයට අතුරුදන් වූ ගුවන්යානය කඩාවැටි ඇති අතර ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු එහි ගමන් ගෙන ඇත.
ලලොන්ග්වේ අගනුවර ගුවන්තොටුපොළින් පියාසැරිය ආරම්භ කළ සුළු මොහොතකින් අයහපත් කාලගුණය මැද පියාසර කළ ගුවන්යානය ඊයේ උදෑසන රේඩාර් පථයෙන් අතුරුදන් වී ඇත.
පැය 24කට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක කෙරුණු එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස යානයේ සුන්බුන් හමුවී ඇත.