වැටුප් විෂමතාවලට විසඳුම් දෙන්නැයි ඉල්ලමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයින් දීපව්‍යාප්ත විරෝධතා මාලාවක අද (12) නිරත වේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලිං සඳහන් කළේ, වැටුප් විෂමතා ඉවත් කර දෙන්නැයි අවස්ථා ගණනාවකදී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළ ද මෙතෙක් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් ඒ හේතුවෙන් මෙම විරෝධතා මාලාව ක්‍රියාත්මක කරන බවයි.

වැටුප් විෂමතා ඉවත් කිරීමේ නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ ද අමාත්‍යාංශ කමිටුවක් විසිනි.

එහෙත් එය ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දැමීමට රජය කටයුතු කරමින් සිටින බව ජෝසෆ් ස්ටාර්ලිං පෙන්වා දෙයි.