අද (12දා) උදෑසන කහටගස්දිගිලිය ප්‍රාථමික විද්‍යාලයේ 03 ශ්‍රේණියේ පාසල් සිසුන් පිරිසක​ට පාසලින් ලබා දුන් ආහාර විෂ වීමකින් ආසාත්මික තත්ත්වයක් ඇතිව තිබෙනවා.

දිනපතා මේ දිනවල පාසලෙන් උදෑසන ලබාදෙන ආහාර වේල ආහාරයට ගැනීමෙන් මද වේලාවකට පසු ඇග කැසීම් තත්වයක් ඇතිවූ බව සදහන්

ඒ අනුව කඩිනමින් සිසු සිසුවියන් 25 දෙනෙකු ප්‍රථිකාර ලබා දීම සඳහා  කහටගස්දිගිලිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පාසල් බලධාරින් කටයුතු  කර  තිබුණා .

එදින උදැසන ආහාර ලෙස කතුරුමුරුං​ගා කොල මැල්ලුම්, හාල්මැස්සන් ස​හ බණ්ඩක්​කා  සිසුන් හට ලබාදී තිබූ බවත් එම ආහාර හේතුවෙන් මෙම ආසාත්මිකතාවය ඇතිවී ඇති බවට සැක පල කරන බව  වෛද්‍යවරුන් ප්‍රකාෂ කර සිටියා