පසුගිය වසරේ පනවන ලද සංක්‍රමණ නීති වෙනස් කිරීම් යටතේ තුන් වරක් ප්‍රතික්ෂේප කරන ලද සරණාගතයින් පිටුවහල් කිරීමට දැන් ජපන් රජයට හැකියාව තිබෙනවා.

මෙම සංක්‍රමණ නීතී සංශෝධනයට පෙර සරණාගත තත්ත්වය අපේක්ෂා කරන පුද්ගලයින් කොපමණ උත්සාහයන් ගත්තද, ඔවුන්ගේ තීරණ අභියාචනා කරන අතරතුර රට තුළ රැඳී සිටීමට හැකියාව හිමි වුණා.

නමුත් සංශෝධිත නීතිය දිගු කාලීන රඳවා තබා ගැනීම් අඩු කිරීමට උපකාරීවන බව ජපාන අධිකරණ අමාත්‍යවරයා පවසා සිටිනවා

කෙසේ වෙතත් නව ක්‍රමය ජීවිත අවදානමට ලක් කරන බවට  උද්ඝෝෂකයින් අනතුරු අඟවා ​තිබෙන බවද සදහන්