අද (17) පැවති විස්ස​යි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා

ඒ ලකුණු 83කින් .

මෙය මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසාන තරගය යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 201ක් රැස්කළේය.

එහිදී කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 46 බැගින් රැස් කළහ.

මැතිව්ස් පන්දු 15කදී නොදැවී ලකුණු 30යි.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දු ඕවර 16.4කදී සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 118ක් පමණි.

පන්දු යැවීමෙන් නුවන් තුෂාර කඩුලු 3ක් දවා ගත් අතර මතීෂ පතිරණ සහ වනිඳු හසරංග කඩුලු 2ක බැගින් දවා ගත්හ.