ප්‍රමිතියෙන් උසස් ගුණාත්මක භාණ්ඩ සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගැනීමටත් විකිණීමටත් හැකි onareddak.lk නමින් නව වෙබ් අඩවියක් පසුගිය​දා එළි දැක්වීය.

එම වෙබ් අඩවිය එළි දැක්වූ EPceylon Trading පුද්ගලික සමාගමේ සභාපතිනි ඇන්ජලා පෙරේරා ඒ සම්බන්ධයෙන් මෙලෙ​ස
අදහස් දැක්වීය

onareddak.lk කියන්නේ දිරියමත් ශක්තිමත් කාන්තාවකගේ මඟ පෙන්වීමෙන් ගොඩ නැගුනු 100% ශ්‍රී ලාංකික Multi Vendor වෙබ් සයිට් එකක්. ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙක්ට ගුණාත්මක දෙයක් අතේ තියෙන ගානට මිලදී ගන්න වගේම, ලංකාවේ හැදෙන ගුණාත්මක දේවල් විකුණගන්න වෙළඳපලක් හදලා දෙන මූලික අරමුනෙන් තමයි onareddak.lk වෙබ් අඩවිය නිර්මාණය වෙන්නේ.

ප්‍රාදේශීය වශයෙන් සීමා වෙච්ච වටිනා ව්‍යාපාර මුළු ලංකාවටම විතරක් නෙමෙයි අන්තර්ජාතික තලයට හදුන්වා දෙන්නත් මෙකෙන් රටක් විදිහට අපිට පුළුවන් වෙනවා. ඒ වගේම අඩු ම මිලකට ලබාදෙන Quality භාණ්ඩ වල මිල සාධරණ විදිහටත් Quality එක අඩුනොවෙන විදිහටත් ලබාගන්න හැකියාව ඕනම කෙනෙක්ට ලැබෙනවා.”

නව වෙබ් අඩවිය එළි දැක්වීමේ මාධ්‍ය හමුව ඉකුත්දා ගල්කිස්ස අනර්වා හෝටලයේදී පැවැත්විණි.