පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය පොලිස් වසමේ දහම් වැව ප්‍රදේශයේ පාළු නිවසක් තුළ තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 49ක් වූ විවාහක පුද්ගලයෙක් වන අතර එම පුද්ගලයාගේ නාසයෙන් සහ කනින් අධික ලෙස ලේ වහනය වී ඇති බව වාර්තා වේ

ගෙල වැලලාගැනීමකින් මියගිය බවට කිසිදු සාක්ෂියක් සිරුර හමුවූ ස්ථානයෙන් සොයාගැනීමට නොහැකි වී ඇති අතර, මැදිරිගිරිය පොලීසිය සඳහන් කර ඇත්තේ අදාළ මරණය සැකසහිත බවය.

ඒ අනුව මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සඳහා පොළොන්නරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.