අන්තර්ජාලයට හෝ පරිගණ ක්‍රීඩාවලට තදින්ම ඇබ්බැහිවීම මානසික රෝගයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගෙන ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූම් රූබන් පවසනවා.

දරුවන් එක දිගට පැය දෙකකට වැඩි කාලයක් අන්තර්ජාලයේ සිටින්නේ නම් ඔවුන්ට මානසික වශයෙන් සිදුවන හානිය ඉතා වැඩි බවත් එම ඇබ්බැහිවීම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හා සමාන බවත් වෛද්‍යවරයා විසින්  පෙන්වා දෙනු ලැබවා

මෙලෙස අන්තර්ජාලයට තදින්ම ඇබ්බැහි වුණු දරුවන් සිටින්නේ නම් ඔවුන් සම්පූර්ණයෙන්ම දුරකථනයෙන් ඉවත් කිරීම වැදගත් බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා

එමෙන්ම විවිධ මානසික පීඩනවලට ලක්වී සිටින දරුවන් වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහිවීම වැඩි වන බවත් වීඩියෝ ක්‍රීඩා එක දිගට නැරඹීමෙන් දරුවන්ගේ හැසිරීම ප්‍රචණ්ඩකාරී වන බව පරීක්ෂණවලදි අනාවරණය වී ඇති බව​ත් එසේ ඇබ්බැහිව දරුවන්ගේ එම කටයුතුවලට විරුද්ධ වන මවුපියන් පවා ඔවුන් දකින්නේ සතුරන් ලෙස බවත් වෛද්‍යවරයා පවසා සිටිනවා

දරුවන් අන්තර්ජාලයෙන් සහ වීඩියෝ ක්‍රීඩාවලින් ගලවා ගැනීම සඳහා විශේෂ විධිමත් විද්‍යාත්මක වැඩපිළිවෙලක් කඩිනමින් හඳුන්වාදීම ඉතා වැදගත් බව වෛද්‍යවරයා අවධාරණය කර සිටිනවා