2024 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය කඩුලු 9කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව අද සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දු ඕවර 11 පන්දු 5ක් තුළ දී සියලුදෙනා දැවී රැස්කරගනු ලැබුවේ ලකුණු 56ක් පමණයි. එහිදී ඇෆ්ගනිස්තාන ඉනිම වෙනුවෙන් Azmatullah Omarzai ලකුණු 10ක් රැස් කල අතර අනෙක් කිසිම ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට දකුනු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ හසර ලබා නොදුන්නේය.

පන්දු යැවීමේදී Marco Jansen සහ Anrich Nortje කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.

ලකුණු 57ක පහසු ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට පන්දු ඕවර 8 පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 60ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කිරිමට සමත් විය. එහිදී රීසා හෙන්ඩ්‍රික්ස් නොදැවී ලකුණු 29ක් සහ ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 23 රැස් කිරිමට සමත් විය.

ඒ අනුව 2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.