හසලක වැල්ගාල ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

හසලක පොලිස් නිළධාරින්ට ලැබුණු තොරතුරක් මත සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදි මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගත් බව පොලීසිය සඳහන් කළා.

ඇමෝනියා කුඩු කිලෝ 01 ග්‍රෑම් 550ක්, සෙන්ටිමීටර් 116ක් දිග සේවා නූලක් සහ ඩෙටනේටර් 03ක් සොයාගත් බව පොලීසිය සදහන් කළා

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 37, 50 හා 60 යන වයස්වල පසුවන මිනිපේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මහවැලි ගඟේ මසුන් මැරීම සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙන විත් ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා