බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරු 5 ක් සමඟ වාසය කිරීමට වාසනාවන්ත වූ ලැරී, 6 වැනි අග්‍රාමාත්‍යවරයා පැමිණෙන තෙක් අග්‍රාමාත්‍ය නිල නිවසට වී බලා සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

A close portrait of a cat

දේශපාලන කැලඹීම වලින් පිරි වසර 14 ක එක්සත් රාජධානි ඉතිහාසයේ ස්ථාවර එකම චරිතය ලැරී බව​යි බ්‍රිතාන්‍ය මාධ්‍යය පවසන්නේ.

2007 වසරේ ජනවාරි 13 වැනිදා ලැරී උපත ලබා ඇත.

ලැබෙන ජනමත විමසුම් ප්‍රතිඵල නිවැරදි නම් ප්‍රථම වතාවට කම්කරු පාක්ෂික අග්‍රාමාත්‍යවරයකු සමඟ වාසය කිරීමට ලැරීට හැකියාව ලැබෙනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන අත​ර මෙතෙක් ලැරීගේ හාම්පුතුන් වූ සියලුම අග්‍රාමාත්‍යවරුන් කන්සර්වටිව් පක්ෂය නියෝජනය කළ අපේක්ෂයන් වේ.

රිෂි සුනාක් අග්‍රාමාත්‍ය නිල නිවසෙන් නික්ම යෑමත් සමග ඔහුගේ සුරතලාවූ ලැබ්‍රඩොර් රිට්‍රීවර් වර්ගයට අයත් නෝවාද අග්‍රාමාත්‍ය නිල නිවසෙන් නික්ම යනු ඇති බවත් ලැරී ඒ පිළිබඳ සතුටට පත්වනු ඇති බව​ත් සඳහ​න් කරන එරට මාධ්‍ය​ය 17 වැනි වියේ පසුවන ලැරී 6 වැනි අග්‍රාමාත්‍යවරයා සමගද දීර්ඝ කාලයක් ජීවත්වීමට වාසනාවන්ත වනු ඇතැයි සියල්ලොගේම බලාපොරොත්තුව බව පවසයි.
A cat wearing a red-white-and-blue bow tie walks on a table.