භූග​ත පරීක්ෂණයක් අතරතුර අහම්බෙන් දියත් කිරීමක් හේතුවෙන් Space Pioneer සමාගමට අය​ත  චීන රොකට්ටුවක් කඩා වැටී තිබෙනවා.

එම  සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රොකට්ටුව දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් හදිසියේ වෙන්වීමෙන් පසු මෙලෙස කඩා වැටුණු බවයි.

Tianlong-3 නම් මෙම රොකට්ටුවේ පළමු අදියර අත්හදා බැලීමේ කටයුතු චීනයේ Gongyi නගරයේ කඳුකර ප්‍රදේශයක සිදුව තිබෙනවා.

රොකට්ටුව පරීක්ෂණ වේදිකාවේ සිට කිලෝමීටර් 1.5ක් නිරිත දෙසින් පිහිටි කඳුකරයට කඩා වැටී ඇති අතර, අත්හදාබැලීමට පෙර ප්‍රදේශයේ ජනතාව ඉවත් කළ බැවින්, කඩා වැටීමෙන් කිසිදු හානියක් සිදු නොවූ බව සමාගම පවසනවා.