ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඇති අවදානම හේතුවෙන් යුරෝපයේ පිහිටුවා ඇති ​ඇමෙරිකානු හමුදා කඳවුරු කිහිපයක් සීරුවෙන් තැබීමට ​ඇමෙරිකාව පියවර ගෙන තිබෙනවා

මේ අනුව ඒවාට දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර එලෙස අනතුරු අඟවා ඇත්තේ වසර 10කට පමණ පසුවයි

මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ හමුදා කඳවුරු අතරට ජර්මනියේ ශ්ටුට්ගාට් කඳවුර මෙන්ම ඉතාලියේ අවියානෝ ගුවන් හමුදා කඳවුර ද අයත් බව වැඩිදුරටත් සඳහන්.