ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩාය​ම  සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 30කින් ජය ගැනීමට එංගලන්ත යෞවුන් පිළ සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 360ක්.

පන්දු යැවීමේ දී දිනුර කළුපහන කඩුලු 05ක් බිඳහෙළීමට සමත් වුණා

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 361ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා යෞවුන් කණ්ඩායමට පන්දුවාර 49.2ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 330ක් පමණයි.

එහි දී පුළිඳු පෙරේරා ලකුණු 64ක් සහ ගයාන් වීරසිංහ ලකුණු 57ක් රැස්කරගත්තා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය එකට එකක් ලෙස සම වී තිබෙනවා.

එබැවින්   හෙට (03 ) දෙරට අතර  පැවැත්වෙන තරගය අතිශය තීරණාත්මකයි