ගෝලීය ජනාදරයට පත් ශ්‍රී ලාංකීය අවහන්හල් ජාලයක් වන Ministry of Crab හි නවතම ශාඛාව අද (03) සිංගප්පූරුවේ දී විවෘත කිරීමට නියමිතයි.

ලොව පුරා ගෞරවාදරයට පත් ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන දර්ශන් මුනිදාස සහ හිටපු ශ්‍රී ලාංකීය ටෙස්ට් ක්‍රිකට් නායකයින් දෙදෙනකු වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාරගේ සුසංයෝගයෙන් කොළඹ දී ආරම්භ වුණු Ministry of Crab, Asia’s 50 Best Restaurants ලැයිස්තුවට ද ඇතුළත් වීමට සමත් වූ අවන්හල් ජාලයකි.

Ministry of Crab ร้านอาหารอันดับหนึ่งจากศรีลังกา กำลังจะเปิดแล้วในกรุงเทพฯ  | Eat Chill Wander

මෙය Ministry of Crab අවන්හල් ජාලයේ සයවැනි ගෝලීය පා සළකුණයි.

කොළඹ කොටුව පෞරාණික ඕලන්ද රෝහල් ගොඩනැගිල්ලේ දී Ministry of Crab පළමු අවන්හල ආරම්භ වුණු අතර ඉන් අනතුරුව බැංකොක්, ෂැන්හයි, Chengdu, මාලදිවයින හා මුම්බායි හිදී එහි ශාඛා විවෘත කෙරිණි.

සිංගප්පූරුවේ Block 06, Dempsey Road හිදී Ministry of Crab නවතම අවන්හල අද දින සිට විවෘතව ඇත.