“ඩෙවෝන් පුතා 5” බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගොස්  සිටියදී මුහුදේ පාවීආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් එම ධීවර යාත්‍රාවේ ගමන්ග​ත් ස්කීපර්වරයා ඇතුළු 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

මෙලෙස ජීවිතක්ෂයට පත් ධීවර යාත්‍රාවේ ධීවරයින් 04 දෙනොගේ මළ සිරුරු තංගල්ල ධීවර වරායට  ඊයේ (03) රැගෙන විත් තිබෙනවා

එම යාත්‍රාව කාර්මික දෝෂයට ලක් ව තිබු අතර තවත් යාත්‍රා දෙකක් යොදා ගනිමින් තංගල්ල ධීවර වරාය වෙත රැගෙන විත් තිබෙනවා

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අදාළ මළ සිරුරු තංගල්ල රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා