ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කාර්යාල එක්දහස් දෙසීයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක පවසයි.

එම කාර්යාල සියල්ල දින දහයක කාලයක් ඇතුළත ස්ථාපිත කරන බවයි ඔහු පවසන්නේ.

මෙම ජනාධිපතිවරණයේදී සෙසු පක්ෂ සමග එක්වී දිස්ත්‍රික්කයේ පෙරළියක් සිදු කරමින් රනිල් වික්‍රමසිංහට විජයග්‍රහණයක් ලබා ගැනීමට අවශ්‍ය මැතිවරණ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවද රවී කරුණානායක ප්‍රකාශ කරයි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික පොදු අපේක්ෂක වශයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සියල්ල සූදානම්ව ඇතැයිද ඔහු කියා සිටියි.