බදුල්ල – සොරණනාතොට මාර්ගයේ වැලිහිද ප්‍රදේශයේදී අද (05) දහවල් 12.00 ට පමණ ලොරි රථයක් මාර්ගය මැදම පෙරලි අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදු වී ඇති බව වාර්තා වේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මාර්ගවල මගී ආවරණ සවි කිරීම සඳහා මොණරාගල සිට පැමිණි පිරිසක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ නමුත් සිද්ධියෙන් අනතුරට පත් තුවාල කරුවන් මේ වන විට බදුල්ල මහරෝහලට ඇතුලත් කර ඇති බව සඳහන්.