ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමන් ඊට සූදානමින් පසුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයින්ගේ මධ්‍යස්ථානය අද (05) පෙරවරුවේ කොළඹදී විවෘත කළ අවස්ථාවේදී ඔහු මෙ බව මාධ්‍යය ඉදිරියේ ප්‍රකාශ කර ඇත.

එම අවස්ථාවට පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂද එක්ව සිටියේය.