ජූලි මස 15 වැනිදා සිට බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.

නමු​ත් පළමු කිලෝමීරය සඳහා අය කෙරුණු රුපියල් 100 ගාස්තුවේ කිසි​දු සංශෝධනයක් සිදු නොවන අතර දෙවන කිලෝමීටර සඳහා රුපියල් 90ක් අය කිරීමට නියමිතයි.

මීට පෙර දෙවන කිලෝමීටරය සදහා  කෙරුණු මුදල රුපියල් 100ක්.