කොළඹ ජාතික පුස්තකාලයේ ගින්නක් හටගෙන තිබෙනවා

කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ මෙම ගින්න හටගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ගින්නෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නැත.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට ගොස් ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත