සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ සියළු කටයුතු වලින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සඳහන් කලේ සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමටද සහභාගී කර නොගැනීමට තීරණය කර ඇති බවයි.

පක්ෂ නායකත්වය විවේචනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් සලකා බලමින් මෙම තීරණය ගෙන ඇති අතර පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු
ඉදිරියේදී සිදු කරන බව එම පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයා පවසා ඇත.

තවද මෙතෙක් කලක් ෆොන්සේකා විසින් දරනු ලැබු සමගි ජන බලවේගයේ කැලණිය ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන්ද ඔහුව ඉවත් කර ඇති අතර එම තනතුර සමගි ජන බලවේගයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා වෙත ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.