පාතාලය මර්දනය කිරීමට දැඩි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

ඔවුන් එම ඉල්ලීම කර ඇත්තේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුවූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා අතුරුගිරිය නගරයේදී මහදවල් වෙඩි තබා ඝාතනය කිරීමෙන් සිද්ධියෙන් පසුව වන අතර පාතාලයට මේ ආකාරයට නැටීමට ඉඩ දුනහොත් රටේ සාමය පවත්වාගෙන යන්නේ කෙසේදැයි එම මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙන් විමසා ඇත.

මේ අතර ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන්ද දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් පසුගිය සතියේදී ප්‍රබලව ඉල්ලීම් කර තිබෙන බවට වාර්තා වේ.

අත්‍යවශ්‍ය සේවා නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවටද එම මැති ඇමතිවරුන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වන අතර මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම කර ඇත්තේ පසුගිය දිනවල හදිසියේ කළ දුම්රිය වැඩ වර්ජනයෙන් මගීන් විශාල පිරිසක් දුෂ්කරතාවයට පත්වීම සැලකිල්ලට ගැනිමෙන් පසුව බවයි වාර්තා වන්නේ.