නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ව නිල වශයෙන් නම් කර තිබෙනවා.

රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේ දී මෙම තීරණය ගෙන ඇති අතර ඔහුගේ උප ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සෙනෙට් සභික ජේඩී වාන්ස් නම් කර තිබෙනවා

රිපබ්ලිකන් පක්ෂය මෙම තීරණයක් ගෙන ඇත්තේ, පසුගිය දා ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් පවා එල්ල වී ඇති පසුබිමකය.