සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22) සිට සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි.

ඒ අනුව එම කාලය තුළදී පාසල් කටයුතුවලින් බැහැරව සිදුවන වෙනත් කිසිඳු ක්‍රියාමාර්ගයක් සඳහා සම්බන්ධ නොවන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කර ඇත්තේ.