ඊයේ (16) රාත්‍රියේ අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස 19 න් පහළ ජාතික කිකට් කණ්ඩායමේ නායකයාව සිටි අම්බලන්ගොඩ කන්ද මාවත පදිංචි හතලිස් හැවිරිදි ධම්මික නිරෝශනයි

ඔහු දෙදරු පියෙකි.

ඔහු සිය නිවසේ සිටිනා විට දී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු මෙසේ වෙඩි තබා පලා ගොස් ඇති බව පොලීසිය පවසනවා.

මිය ගිය පුද්ගලයා පාතාල කණ්ඩායම් සාමාජික දැනට ඩුබායි රටට පලාගොස් සැගවී සිටින දසුන් මානවඩුගේ ගෝලයෙකු බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔහු ඩුබායි සිට මෑතකදී ලංකාවට පැමිණ සිටියදී මේ වෙඩි ප්‍රහාරයට ගොදුරුවී ඇති බවද පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.