වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා විසින් නායකත්වය දැරූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නව නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝශන් ප්‍රේමරත්න තෝරා පත් කරගෙන තිබෙනවා.

ඊයේ (16) දිනයේ අපේ ගම පරිශ්‍රයේ පැවැති පක්ෂයේ සම්මේලනයේ දී මෙම තීන්දුව ගෙන තිබෙනවා.

නිරෝෂන් ප්‍රේමරත්න කලක් ස්වාධීන රූපවාහිනී සේවයේ සේවය කළ අතර විමල් වීරවංශගේ නායකත්වයෙන් යුක්ත ජාතික නිදහස් පෙරමුණෙන් පාර්ලිමේන්තුව පිවිසුණා

තරුණයෙකුට සිය පක්ෂයේ නායකත්වය පැවරිය යුතු බැවින් මෙම තීරණය ගත් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශක පෙරමුණේ හිටපු නායක වාසුදේව නානායක්කාර මේ පිළිබදව අදහස් දක්වා සිටියා