රුවන්වැල්ල පොලිස් වසමේ යටියන්තොට ප්‍රදේශයේ මිය ගිය සිව් හැවිරිදි දැරිය ඇයගේ මව විසින් ළිඳට දමා ඝාතනය කර ඇති බව අනාවරණය වී තිබෙනවා

ඊයේ (17) දින එම දැරිය පදිංචි ප්‍රදේශයේ ළිඳකට වැටී මිය ගොස් ඇති බවට රුවන්වැල්ල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා

මෙම අපරාධය පසුගිය 16 වනදා රාත්‍රී 11ත් පසුදින අලුයම 5.30ත් කාලයේ සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා

මියගිය දැරියගේ මව ගොළු කාන්තාවක් වන අතර, ඇය අසනීප තත්ත්වයෙන් පසුවූ බැවින් කරවනැල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා

මියගිය දෙව්මි අමායා අවුරුදු 4යි මාස 10ක් වයසැති කිරිපෝරුව වත්ත, යටියන්තොට ප්‍රදේශයේ පදිංචිව ඇති අතර මේ වන විට ඇගේ
මෘත ශරීරය ඥාතීන්ට භාර දී තිබෙනවා .

සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසිය වැඩිදුරට පරීක්ෂණ පවත්වයි.