චීනයේ සිචුවාන් ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයක ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

එම ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ගින්නට හසුවූ පුද්ගලයින් 30 දෙනෙකු පමණ බේරාගැනීමට ද සහන කණ්ඩායම් කටයුතු කර තිබුණි

කෙසේ වෙතත් ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ